ප්‍රබල රාජ්‍යකින්, ශ්‍රී ලාංකික සිරකරුවන් 32ක් ලංකාවට එවලා.. ඒ විශේෂ යානයකින්..

Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Kuwait Prison Latest Headlines
By krishani Nov 26, 2024 12:19 AM GMT
krishani

krishani

Report

කුවේට් රාජ්‍යයේ සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32ක් මෙරටට එවා තිබෙනවා.

ඒ ඊයේ (25) පස්වරුවේ දී ය.

ඒ අනුව ඔවුන් කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක්.. ඒ මෙන්න මෙහෙමයි..

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක්.. ඒ මෙන්න මෙහෙමයි..

මෙම සිරකරුවන් කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි අය බව වාර්තා වේ.

මොවුන්ව මෙරටට එවා තිබුණේ කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ ය.

මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළදී මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර වැරදිකරුවන් වූ පිරිසක් වේ.

අදාළ සිරකරුවන් සමග කුවේට් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් පිරිසක් ද පැමිණ ඇති බව වාර්තා වේ.

ඊයේ හවස කුවේට් ගුවන් හමුදාවට අයත්‍ ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව මෙම සිරකරුවන් පිරිස භාර ගැනීමට ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියේ ය.

කෙසේ වෙතත්, පසුව එම සිරකරුවන් පිරිස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව වාර්තා වේ.

You May Like This Video👇 

.

ReeCha