“දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්වත් ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක්” - සජිත්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්! [VIDEO]

Report

රටේ දරිද්‍රතා රේඛාව ගණනය කිරීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව භාවිත කරන දත්ත සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

එම දත්ත වැරදි බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, වෛද්‍ය පර්යේෂණ ආයතනය ලබාදෙන තොරතුරු අනුව පුද්ගලයන්ට දිනකට අවශ්‍ය කිලෝ කැලරි ප්‍රමාණය ඔවුන්ගේ ක්‍රියාශීලීත්වය අනුව වෙනස් වන බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය.

''ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා සැප්තැම්බර් මාසයේ දරිද්‍රතා රේඛාව රුපියල් 17,742යි කියලා. මම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි, අද ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැරදි දත්ත කේන්ද්‍ර කරගෙන තමයි මේ දරිද්‍රතා රේඛාව සකස් කරන්නේ. විශේෂයෙන්ම දිනකට කිලෝ කැලරි 2,030ක් අවශ්‍යතාවය මත තමයි දරිද්‍රතා රේඛාව ගණනය කරන්නේ. හැබැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයට කතා කරහම මොකක්ද ඒගොල්ලෝ කියන්නේ? පිරිමි සහ කාන්තාවන්ට ඒ අවශ්‍ය කිලෝ කැලරි ප්‍රමාණය තමන්ගේ ක්‍රියාශීලීත්වය තුළ වෙනස් කියනවා. ඒ කියන්නේ ක්‍රියාශීලීත්වයෙන් අඩු පිරිමියෙකුට කිලෝ කැලරි 2,340ක් අවශ්‍යයි. ක්‍රියාශීලී පිරිමියෙකුට කිලෝ කැලරි 3,340ක් අවශ්‍යයි. ක්‍රියාශීලී කාන්තාවකට කිලෝ කැලරි 2,680ක් අවශ්‍යයි. ක්‍රියාශීලීභාවයෙන් අඩු කාන්තාවකට කිලෝ කැලරි 1,890ක් අවශ්‍යයි. කවුද මේක කියන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන MRI ආයතනය. වෛද්‍ය පර්යේෂණ ආයතනය. හැබැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරන්නේ අපේ රටේ පුරවැසියෙකුට දිනකට අවශ්‍ය කිලෝ කැලරි 2,030 කියන වැරදි දත්ත. බොරු දත්ත මත තමයි මේ දරිද්‍රතා රේඛාව සකස් කරගෙන දැන් සැප්තැම්බර් මාසයට එක පුද්ගලයෙකුට දින 30කට ඇතිලු රුපියල් 17,742ක්. 2025 වසරේ... මන් කියනවා පැහැදිලිවම, මෙතැනින්ම මේ ආණ්ඩුව ෆේල්. බොරු දත්ත උපයෝගී කරගෙන මේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නටවත් බැරි ආණ්ඩුවක්. කොටින්ම කියනවා නම්, දරිද්‍රතා රේඛාවවත් සකස් කරගන්නට බැරි ආණ්ඩුවක් අද රට පාලනය කරන්නේ.''

අඩි 9ක් උස දැවැන්තයාගේ උදරයේ සැරව ගෙඩියක් - සෝමාවතිය අසලදී විශේෂ ප්‍රතිකාරයක්!

අඩි 9ක් උස දැවැන්තයාගේ උදරයේ සැරව ගෙඩියක් - සෝමාවතිය අසලදී විශේෂ ප්‍රතිකාරයක්!

අනවශ්‍ය බදු පටවන්නේ නැහැ - රජයේ බදු ප්‍රතිපත්තිය ගැන ඇමති කියයි

අනවශ්‍ය බදු පටවන්නේ නැහැ - රජයේ බදු ප්‍රතිපත්තිය ගැන ඇමති කියයි