අඩි 9ක් උස දැවැන්තයාගේ උදරයේ සැරව ගෙඩියක් - සෝමාවතිය අසලදී විශේෂ ප්‍රතිකාරයක්! [VIDEO]
By Malith Madushan
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ චෛත්‍යය ආසන්නයේ සැරිසරන තුවාල ලැබූ වන අලියෙකුට නැවතත් ප්‍රතිකාර ලබාදීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබේ.
වයස අවුරුදු 40ක් පමණ වන, අඩි 9ක පමණ උසකින් යුත් මෙම වන අලියාගේ පසුපස උදර ප්‍රදේශයේ සැරව ගෙඩියක් ආසාදනය වීම හේතුවෙන් තුවාලයක් හටගෙන ඇති බව සඳහන් වේ.
ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය නිලධාරී සමීර කළිඟු ආරච්චි මහතා ඇතුළු නිලධාරීන් සහ සෝමාවතිය වනජීවී අඩවියේ නිලධාරීන් එක්ව අදාළ වන අලියාට මෙලෙස යළිත් ප්‍රතිකාර ලබාදී තිබේ.