රටට සුභ ආරංචියක් සමග ඊයේ රාත්‍රියේ කොළොන්නාව වෙත ආ තෙල්...
ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ඩීසල් තොගය රැගත් නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට ළඟා වුණා.
ඩීසල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් එම නෞකාවේ ඩීසල් තොග ඊයේ රාත්‍රියේම කොළොන්නාව නිමාව වෙත ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බවයි තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව් ද සොයිසා කියා සිටියේ.
අදාළ ඉන්ධන තොග කඩිනමින් දුම්රිය යොදා ගනිමින් පිට පළාත් වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු කරන අතර ඒ සමග පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් පහව යනු ඇති බවටයි බලශක්ති අමාත්‍යාංශය විශ්වාසය පළ කරන්නේ.
එසේම තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 20,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙක ඇතුළත ගොඩබෑමට නියමිතව ඇති බව ද වාර්තා වනවා.
පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට සංස්ථාව සතුව පවතින අතර, කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට බවුසර් රථ යොදා ගනිමින් ඉන්ධන ප්‍රවාහනය කිරීමට කටයුතු කරනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |