නැවතත් තෙල් මිල වැඩිවන ලකුණු...මෙම තත්ත්වය තවදුරටත් කළමනාකරණය කර ගැනීමට අපහසුයි...

Chairman Petroleum Corporation Sumith Wijesinghe Crude oil prices Gagana sinhala news Secretary to the Ministry of Energy KDR Olga
By Subodha Mar 10, 2022 08:27 AM GMT
Subodha

Subodha

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛන්ඩව ඉහළ යාමත් සමග පිරිවැයට සාපේක්ෂව මිල සංශෝධනයක් සිදු කළ යුතු බවට රජයට යළි යෝජනා කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය අංශය සංවිධාන කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවට අද එක්වෙමින්.

සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ, බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ අද වනවිට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පාඩුවක් සංස්ථාවට සිදු වන බවයි.

මෙම තත්ත්වය තවදුරටත් කළමනාකරණය කර ගැනීමට අපහසු බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ඉදිරි දින කිහිපය තුළ ඩීසල් හිඟය සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා පවසනවා.

මෙම සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ, මේ වනවිටත් ප්‍රමාණවත් ඩීසල් තොග රට තුලට ලැබී ඇති අතර අද දිනයේ මෙටි්‍රක් ටොන් 37,500ක් රැගත් තවත් ඩීසල් නෞකාවක් මෙරටට ළගා වීමට නියමිත බවයි.

එමෙන්ම, මේ මාසය තුල ප්‍රමාණවත් ඩීසල් තොග තවදුරටත් ඇණවුම් කර ඇති බවද ලේකම්වරිය සඳහන් කළා.

එමෙන්ම සියලු තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල්, හෙට සිට සපයන බව තෙල් සංස්ථාව පවසනවා.

දිවයිනට පැමිණ ඇති දැවි තෙල් මෙටි්‍රක් ටොන් 30,000න් වෙස්කෝස්, සෙජිස්ට්, සහ උතුරු ජනනී බලාගාරවලට මෙන්ම බාජ් බලාගාරයට අවශ්‍ය දැවි තෙල් සපයන අතර, කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් ද හෙට සිට නිකුත් කිරීමට නියමිත යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
join now