ඉන්දියාවක් මවිත කළ අපේ කොල්ලා... දසුන් ගැන ඉන්දිය ක්‍රිකට් ලෝලින්ගේ ඉල්ලීම...(PHOTOS)
ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ දී ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක අයි.පී.එල්. තරගාවලියට ඇතුළත් කර ගන්නා ලෙස ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.
ඔවුන් සිය අභිලාශය ප්‍රකාශ කර ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළ කරමින්.
දසුන් ශානක දෙවන විස්සයි විස්ස තරගයේ දී පන්දු 19කින් ලකුණු 47ක් සහ තුන්වන විස්සයි විස්ස තරගයේ දී පන්දු 38කින් නොදැවී ලකුණු 74ක් රැස් කිරීමට සමත් වුණා.
ඉන්දීය ක්‍රීඩාලෝලීන් පෙන්වා දෙන්නේ, දසුන් ශානක මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා ඉහළ ලංසුවක් යටතේ ඇතුළත් කර ගත හැකි ව තිබූ බවයි.
එහෙත් පසුගිය දා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහු මිල දී ගැනීම සඳහා අයි.පී.එල්. කණ්ඩායම් ඉදිරිපත් වූයේ නැහැ.
ඉන්දීය ක්‍රීඩාලෝලීන් දසුන් ශානක වෙනුවෙන් පළ කළ එක් සමාජ මාධ්‍ය සටහන් අයි.පී.එල්. කණ්ඩායමක් ඔහු ලබා ගැනීම සදහා ක්‍රීඩකයෙකු තුවාල ලබන්නේ දැ යි බලා සිටින අයුරු දැක්වුණා.
දසුන් ශානක වෙනුවෙන් පළ කළ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





