ඉන්දියාවත් පහු කරන් ලංකාව ඉදිරියට. ශ්‍රී ලංකාවේ බුද්ධියට ලෝකයේ හිමි තැන. ( PHOTO)

Sri Lanka
By Wayomi Dec 30, 2022 12:03 PM GMT
Wayomi

Wayomi

Report

2022 ගෝලීය දැනුම් දර්ශකයට අනුව රටවල් 132 ක් අතරින් ශ්‍රී ලංකාව 79 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව හිමි ලකුණු සංඛයාව 43.4 2 ක් වන අතර ගෝලීය දැනුම් දර්ශකයේ සාමාන්‍ය අගය 46. 5 ක්.

එය ගෝලීය දැනුම් දර්ශක සාමාන්‍ය අගයට ආසන්න අගයක්.

මේ අතර ගෝලීය දැනුම් දර්ශකයට අනුව ඉදිරියෙන්ම සිටින දකුණු ආසියාවේ රට වන්නේ ශ්‍රී ලංකාවයි.

මේ වන විට ලොව තොරතුරු තාක්ෂණයේ ඉදිරියට පැමිණෙමින් සිටින රටක් වන ඉන්දියාව මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවටත් වඩා පහළින් සිටීම විශේෂත්වයක්.

ඉන්දියාව පසුවන්නේ එහි 91 වන ස්ථානයේයි. බංග්ලාදේශය 105 වන ස්ථානයේත්, භූතානය 89 වන ස්ථානයේත්, පාකිස්තානය 110 වන ස්ථානයේත්, නේපාලය 108 වන ස්ථානයේත් පසුවනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් යන ජාත්‍යන්තර දැනුම පදනම එක්ව රටවල් රැසක සිදුකරන ලද සමීක්ෂණයකින් මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර තිබෙනවා.

මෙම සමීක්ෂණයේදී සලකා බැලෙන ප්‍රධාන කාරණාව වන්නේ අධ්‍යාපනය, දැනුම, නවෝද්පාදනය, ආර්ථිකය, තාක්ෂණය, පර්යේෂණ හා සංවර්ධනය වැනි ක්ෂේත්‍රයි.

නවතම ගෝලීය දැනුම් දර්ශකයේ පළමු ස්ථානයේ අමෙරිකාව පසුවන අතර ඔවුන්ට හිමි ලකුණු සංඛයාව 68. 3 7 ක්.

ස්ව්ස්ටර්ලන්තය දෙවැනි ස්ථානයේත්, ස්වීඩනය තුන්වන ස්ථානයේත් පසුවනවා.

ෆින්ලන්තය, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, ඩෙන්මාර්කය, නොර්වේ, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රියාව පළමු ස්ථාන 10 යේ පසුවන රටවල්.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


Gallery