2025 වර්ෂයේදී විදේශ සේවා නියුක්තිකයන් ඩොලර් බිලියන 7කට වඩා ලංකාවට එවලා

Report

2025 වසරේ මේ දක්වා විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව 2025 නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 673.4 ක් ලෙස වාර්තා වී ඇත .

තවද 2025 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන මුළු ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 7.19ක් ලෙසින් සටහන් වී තිබේ.

ඒ අනුව 2024 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ වාර්තා වෙනු ලැබූ ඩොලර් බිලියන 5.96ක ප්‍රේෂණ ලැබීම් අගය හා සැසඳීමේ දී 20.7%ක වර්ධනයකි