මහ බැංකුවෙන් කොළ එළියක්

Report

ශ්‍රී ලංකාවේ මාර්තු මාසයේ අපනයන අදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ අපනයන අදායම සියයට 8.1 ක වර්ධනය වී ඇත. පසුගිය වසරේ අපනයන අදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242 කි.   

මහ බැංකුවෙන් කොළ එළියක් | Sri Lankan Economic Information

පෙර වසරට සාපේක්ෂව සියයට 8.6 ක වර්ධනයක් පෙන්නුම් කරන ආනයන වියදම මේ වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.   

බිත්තර මිල යළි ඉහළට

බිත්තර මිල යළි ඉහළට

ඕනෑම වසරක මාර්තු මාසයක දී වාර්තා වූ මාසික විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය සලකා බැලීමේදී මේ වසරේ මාර්තු මාසයේදී එය ඉහල අගයක් ලබා ගෙන ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි. එය අමෙරිකානු ඩොලර් මිලියන 693ක ප්‍රමාණයකි.   

මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 229,298 දෙනෙකු පැමිණ තිබේ. එමගින් ඉපයූ සංචාරක ඉපැයිම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 354 කි .

මහ බැංකුව පවසන ආකාරයට මේ වසර ආරම්භයේ සිට අප්‍රේල් මස අවසානය දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 2.3 කින් අවප්‍රමාණය වී ඇත.

මාලිමාව මැයි පෙළපාලිය නොපැවැත්වීමට දුමින්ද නාගමුව හේතු කියයි

මාලිමාව මැයි පෙළපාලිය නොපැවැත්වීමට දුමින්ද නාගමුව හේතු කියයි