උඩු ගුවනේ පියාසර කළ ගුවන් යානා දෙකක් ගැන එකවරම තීරණයක් අරන් - හේතුව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කියයි..
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යනා දෙකක් ඉන්දියාවේ ත්‍රිවැන්ද්‍රම් ගුවන්තොටුපළට ගොඩ බස්වා ඇත.
ඒ ජකර්තා සිට කොළඹ බලා පැමිණි UL 365 දරණ ගුවන් යානය සහ මාලදිවයිනේ සිට කොළඹ බලා පැමිණි UL 116 දරණ ගුවන් යානයයි.
මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ගුවන්යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ මත්තල ගුවන්තොටුපළට ගොඩබැස්වීමට නොහැකි වී තිබෙනවා.
ඒ හේතුවෙන් මෙලෙස ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් ගුවන්තොටුපළට ගොඩබස්වා ඇත.