සිරාජ් ගැන මසූඩ්ගේ ප්‍රකාශයට කොංග්‍රසයෙන් තවත් හඬක් - ක්‍රිකට්වලට ආගම ගාවන්න එපා

Report

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් කණ්ඩායමට ඇතුළත් නොකිරීම පිටුපස ආගමික පදනමක් පවතින බවට කොංග්‍රස් මන්ත්‍රී ඉම්රාන් මසූද් කළ ප්‍රකාශයට එම පක්ෂයේම තවත් නායිකාවක වන මුම්ටාස් පටෙල් විරෝධය පළ කර තිබේ.

ඇය පෙන්වා දෙන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරාගැනීමේදී සැමවිටම සැලකිල්ලට ගෙන ඇත්තේ ඔවුන්ගේ දක්ෂතා සහ ක්‍රීඩා රටාව මිස ආගම හෝ අනන්‍යතාව නොවන බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව තුළ වෛරයට හෝ ආගමික බෙදීම්වලට කිසිදු ඉඩක් නොතිබිය යුතු බවත්, ඉන්දියාව නියෝජනය කරන කණ්ඩායමක් ලෙස සියලු දෙනා එකමුතුව සිටිය යුතු බවත් ඇය සඳහන් කර ඇත.

එමෙන්ම රට තුළ වෛරය සහ බෙදීම් ඇති කරන ආකාරයේ ප්‍රකාශ සිදු නොකරන ලෙස දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටි මුම්ටාස් පටෙල්, ඇතැම් නායකයන්ගේ ප්‍රකාශ හේතුවෙන් සමාජය තුළ අහිතකර වාතාවරණයක් නිර්මාණය වන බවද පෙන්වා දී තිබේ.

AI නිසා රැකියා නැතිවෙයි කියලා බයද? - මෝදිගෙන් පණිවුඩයක්

AI නිසා රැකියා නැතිවෙයි කියලා බයද? - මෝදිගෙන් පණිවුඩයක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් තරගයට මොහොමඩ් සිරාජ් ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ඉම්රාන් මසූද් පසුගිය සිකුරාදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමත් සමඟ මෙම මතභේදය ආරම්භ විය.

සිරාජ් හොඳ දක්ෂතා පෙන්වා තිබියදීත් ඔහුගේ නම 'සිරාජ්' වීම හේතුවෙන් කණ්ඩායමට තෝරා නොගත් බවට මසූද් චෝදනා කළේය.

පසුව මොහොමඩ් ෂාමි සහ සර්ෆරාස් ඛාන්ගේ නම්ද සඳහන් කරමින් ක්‍රීඩකයන් තෝරාගත යුත්තේ දක්ෂතා මත පමණක් බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත්, 1983 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මදන් ලාල් ද මසූද්ගේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය තුළ ආගමික පදනමින් ක්‍රීඩකයන්ට වෙනස්කම් සිදුකර නොමැති බවත්, විවිධ ආගම්වලට අයත් ක්‍රීඩකයන් ඉන්දීය කණ්ඩායම නියෝජනය කර ඇති බවත් ඔහු පවසා ඇත.

මේ අතර, ශිව් සේනා නායක ආනන්ද් ඩුබේ ද මසූද්ගේ ප්‍රකාශය විවේචනය කරමින් පවසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට හින්දු-මුස්ලිම් බෙදීම් ගෙන ඒම අනවශ්‍ය බවයි.

මේ අතර, නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 720ක් රැස්කරමින් ප්‍රබල තත්ත්වයකට පත්විය. ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිල එම ඉනිම අත්හිටුවන විට ලකුණු 352ක ඉදිරියක් ලබාගෙන තිබිණි.

FBI අත්‍යවශ්‍ය සැකකරුවෙක් - මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුවෙයි

FBI අත්‍යවශ්‍ය සැකකරුවෙක් - මෙක්සිකෝවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොටුවෙයි