ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Report

අද (15) පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් හොංකොං කණ්ඩායම කඩු 4කින් පරාජයට පත්කරමින් තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබේ.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

මෙම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි රාජ්‍යයේ පැවැති අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඉන් අනතුරුව පිටියට හොංකොං ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගු අතර සබඳතාව බිඳ වැටුණේ සෙශාන් අලි ලකුණු 23කට දුෂ්මන්ත චමීර යැවූ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගය.

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

ඔන්න අද ඉදන් මේ මාලු වර්ග 4 හදන්න බෝ කරන්න තහනම්

අන්සුමන් රාත් සහ නිසාකත් ඛාන් තුන්වැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනගමින් හොංකොං ඉනිම සවිමත් කළේය. පන්දුයැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගත් අතර වනිඳු හසරංග සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

අන්සුමන් රාත් ලකුණු 48ක් සහ නිසාකත් ඛාන් නොදැවී ලකුණු 52ක් රැස් කළේ හොංකොං කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යමින්ය. ඒ අනුව හොංකොං කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 149ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්ය.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150ක ඉලක්කයක් හිමිවූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 153ක් ලබා රැස්කරමින් සිය ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කර ගනු ලැබීය.

එහිදී විශිෂ්ට පිති හරඹයක නිරවූ පැතුම් නිස්සංක ලකුණු 68ක් ලබාගැනීමට සමත් විය. කුසල් පෙරේරා ලකුණු 20ක් රැස්කිරීමට සමත්විය.

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්