වසර හතකට පසු ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව ජය ගනියි

Report

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ අද (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කිරීමට සමත් විය.

රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 20ක් මරුට

රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 20ක් මරුට

Richa Ghosh ලකුණු 58ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ඔසවා තැබුවාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූ සුගන්දිකා කුමාරි (3/44) හා චමරි අතපත්තු (3/43) කඩුලු 3 බැගින් බිඳදැමූහ. මෙහිදී ලකුණු 276ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකාරිනියෝ කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ අවසන් පන්දුවාරයේ දී (49.1) ලකුණු 278ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරියන් වූ හර්ෂිතා සමරවික්‍රම (53) හා නිලක්ෂිකා සිල්වා (56) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ. මෙවර වසර 7කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව විය. අවසන්වරට ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජය කර තිබුණේ 2018 වසරේදීය.

දේශීය වෙළඳපොළේ රන් මිලට වෙච්චදේ..

දේශීය වෙළඳපොළේ රන් මිලට වෙච්චදේ..

තරගයේ වීරවරිය ලෙසින් පන්දු 33කින් ප්‍රහාරාත්මක ලකුණු 56ක් රැස්කළ නිලක්ෂිකා සිල්වා සම්මාන දිනාගත්තාය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මේ දක්වා ක්‍රීඩාකළ තරග 3න් තරග 2ක් ජයගෙන තවමත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රැකගෙන සිටියි. ඉන්දියාව එහි පෙරමුණේ සිටින අතර, තවමත් එකඳු ජයක් හෝ ලබා නොමැති දකුණු අප්‍රිකාව අවසන් ස්ථානයේ පසුවේ