යුධ උණුසුම මැද ඉන්දියාවට අමෙරිකාවෙන් දුන්න තාවකාලික සහනය මෙන්න - දීලා තියෙන්නෙත් විශේෂ හේතුවක් ඇතුව

Report

ඉරාන යුද්ධය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය මත රුසියානු බොරතෙල් මිලදී ගැනීමට ඉන්දියානු තෙල් පිරිපහදු සමාගම්වලට අවසර දෙමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) විසින් දින 30ක තාවකාලික සහනයක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

ඒ අනුව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) මඟින් රුසියාවට අදාළ බලපත්‍රයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, "2026 මාර්තු 5 වැනිදා වන විට නෞකාවලට පටවා ඇති රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාවට අලෙවි කිරීම සහ බෙදා හැරීම සඳහා" මෙලෙස අවසර ලබා දෙන බවයි.

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

එමෙන්ම විවිධ සම්බාධක පද්ධතීන් යටතේ අවහිර කර ඇති නෞකා මඟින් සිදුකරන ගණුදෙනු ද ඇතුළුව, මෙම සියලු මෙහෙයුම් වෙනුවෙන් 2026 අප්‍රේල් 3 වැනිදා අවසානය තෙක් අවසර හිමිවන බව ද එහි දක්වා ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ මධ්‍යම පෙරදිග පවතින උණුසුම් තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවර කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් බව වාර්තා වේ.

එමෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත්කම අවධාරණය කරමින් ලේකම් බෙස්න්ට් ඉන්දියාව හඳුන්වා දී ඇත්තේ එක්සත් ජනපදයේ "අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු" වශයෙන්.

ට්‍රම්ප් ඉරානය සහමුලින්ම විනාශ කරන්න යයි - ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර

ට්‍රම්ප් ඉරානය සහමුලින්ම විනාශ කරන්න යයි - ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර

එසේම ඔහු X (ට්විටර්) හි තැබූ සටහනක සඳහන් ඇත්තේ,

"ජනාධිපති ට්‍රම්ප්ගේ බලශක්ති වැඩපිළිවෙළ හේතුවෙන් තෙල් හා ගෑස් නිෂ්පාදනය වාර්තාගත ඉහළම මට්ටමකට පැමිණ තිබේ. ගෝලීය වෙළෙඳපොළට තෙල් ගලා ඒම පවත්වා ගැනීම සඳහා, ඉන්දියානු පිරිපහදු සමාගම්වලට රුසියානු තෙල් මිලදී ගැනීමට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව දින 30ක තාවකාලික සහනයක් ලබා දෙයි. මෙය ඉතා කෙටි කාලීන පියවරක් වන අතර, දැනටමත් මුහුදේ අතරමං වී ඇති තෙල් නැව්වලට පමණක් මෙයින් අවසර ලැබෙන බැවින් මෙයින් රුසියානු රජයට සැලකිය යුතු මූල්‍යමය වාසියක් අත්වන්නේ නැත." ලෙසයි.

ඉරානේ මීළග නායකයා තීරණය කරන්නේ මම - ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇගවීමක්

ඉරානේ මීළග නායකයා තීරණය කරන්නේ මම - ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇගවීමක්

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි