කුවේට්වල තානාපති කාර්යාලය ඉවත් කිරීමට එක්සත් ජනපදයෙන් නියෝගයක් - ඔක්කොම රහස් මකා තොරතුරු විනාශ කරයි
එක්සත් ජනපදය මඟින් කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝග කර ඇත. ඒ අනුව මෙම ඉවත් කිරීම් ඊයේ (05) රාත්‍රියේ සිට අද (06) දක්වා සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
එසේම අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තොරතුරු විනාශ කිරීමට සහ රහස්‍ය දත්ත පද්ධති (Servers) මකා දැමීමට තානාපති කාර්යාල නිලධාරීන්ට නියෝග කර ඇති බවයි.
අඳාළ ඉවත් කිරීමේ නියෝගය නිකුත් වී ඇත්තේ, කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල ප්‍රහාරයක් මැඩපැවැත්වූ බවට එරට හමුදාව ප්‍රකාශ කිරීමත් සමඟ බව සඳහන්.