ඉරානේ මීළග නායකයා තීරණය කරන්නේ මම - ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇගවීමක්

Report

ඉරානයේ උත්තරීතර නායකත්වය සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් කරමින් Donald Trump සඳහන් කර ඇත්තේ, ඉරානයට නව උත්තරීතර නායකයකු අවශ්‍ය නම් ඒ නායකයා කවුරුන්දැයි තීරණය කිරීමේ හැකියාව තමන් සතුව ඇති බවයි.

ඔහු මේ අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ ඉරානයේ උත්තරීතර නායකත්වය සම්බන්ධයෙන් නව සාකච්ඡාවක් උද්ගත වී ඇති පසුබිමකය.

මෙම ප්‍රකාශය එල්ල වූයේ ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක Ali Khameneiගේ පුත්‍රයා වන 56 හැවිරිදි Mojtaba Khamenei නව උත්තරීතර නායකයා ලෙස පත් කිරීමට ඉරානය සූදානම් වන බවට වාර්තා පළවීමත් සමඟය.

එම තත්ත්වය මධ්‍යයේ ට්‍රම්ප් විසින් සිදු කළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන වශයෙන්ද අවධානයට ලක්ව තිබේ. තම අදහස පැහැදිලි කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, තමන්ට Nicolás Maduro පිළිබඳ කැමැත්තක් නොතිබූ නිසා ඔහු ධුරයෙන් ඉවත් කළ බවත්, එහි පසුව වැඩ බලන නායකත්වය භාරගෙන සිටින්නේ Delcy Rodríguez බවත්ය.

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

මාර්තු 09 සිට බලාත්මක වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් - විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

ඇය සමඟ තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් සඳහන් කළ ට්‍රම්ප්, එම ආකාරයෙන්ම ඉරානයේ උත්තරීතර නායකයා කවුරුන් විය යුතුද යන්න තීරණය කිරීමටද තමන්ට හැකි බව අවධාරණය කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

"වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට මා කැමැති නැහැ. ඉතිං මා ඔහු ධුරයෙන් ඉවත් කළා. දැන් වැඩ බලන්නේ ඩෙල්සි රොඩ්රීගස්. ඇයට මා එක්ක ගැටලුවක් නැහැ. අන්න ඒ වගේ ඉරානයේ උත්තරීතර නායකයා කවුරුන් විය යුතුදැයි තීරණය කරන්නේ මම"

යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි