ඉරානේ කියලා රටක් ආයේ නෑ සියල්ල උඩුයටිකුරු කරමින් ඊශ්‍රායලය මරාගෙන මැරෙන ඊළග අදියරටත් සූදානම්

Report

ඉරානයට එරෙහි යුධ මෙහෙයුම් නව අදියරකට ගෙන යමින් සිටින බව Israel Defense Forces (IDF) මාණ්ඩලික ප්‍රධානී Eyal Zamir අවධාරණය කර තිබෙයි.

ඔහු සඳහන් කරන්නේ මෙහෙයුමේ මීළඟ අදියර තුළ ඉරානයේ පාලන ව්‍යුහය සහ එරට මිලිටරි හැකියාවන් තවදුරටත් විනාශ කිරීමට ඉලක්ක කරගෙන කටයුතු කරන බවයි.

එමෙන්ම ඊශ්‍රායලය සහඇමරිකාව එක්ව ක්‍රියා කරමින් ඉරානය මූලෝපායික ලෙස හුදකලා කරමින් පෙර නොවූ විරූ ලෙස දුර්වල තත්ත්වයකට පත් කර ඇති බවද ඔහු පවසයි.

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

කොළඹ වරාය යුධ පිටියක් වෙන ලකුණු? ලෝකයේම ඇස් කොළඹ වරායට - ඉරානයේ දෙවෙනි යුධ නැවත් ලංවෙයි - ඇතුළට එන්න අවසර දුන්නොත්නම් ලංකාවත් ඉවරයි

දින හයක් පුරා ඉරානයට නොකඩවා ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, එම මෙහෙයුම් සැලසුම් කළ වේගයෙන්ම ඉදිරියට ගමන් කරමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.

තම නිවේදනයේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ගුවන් ආධිපත්‍යය තහවුරු කරමින් ඉරානයේ බැලස්ටික් මිසයිල පද්ධතිය අඩපණ කළ “හදිසි ප්‍රහාරක අදියර” අවසන් වී ඇති බවත්, දැන් මෙහෙයුමේ මීළඟ අදියර ආරම්භ කර ඇති බවත්ය.

එම අදියර තුළ ඉරාන පාලන ව්‍යුහය හා ඔවුන්ගේ මිලිටරි හැකියාවන් තවදුරටත් දුර්වල කිරීම සඳහා වැඩිදුර ප්‍රහාර ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.

ඉදිරියේදී තවත් අපේක්ෂා නොකළ ක්‍රියාමාර්ග හෙළි විය හැකි බවත්, ඒවා පිළිබඳව මේ අවස්ථාවේ විස්තර කිරීමට තමා බලාපොරොත්තු නොවන බවත් Eyal Zamir සඳහන් කළේය.

කුවේට්වල තානාපති කාර්යාලය ඉවත් කිරීමට එක්සත් ජනපදයෙන් නියෝග‍යක් - ඔක්කොම රහස් මකා තොරතුරු විනාශ කරයි

කුවේට්වල තානාපති කාර්යාලය ඉවත් කිරීමට එක්සත් ජනපදයෙන් නියෝග‍යක් - ඔක්කොම රහස් මකා තොරතුරු විනාශ කරයි

මේ අතර ඔහුගේ ප්‍රකාශය ලෙබනන්තුළ පවතින තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කර ඇති අතර, සටනට එක්වීම හරහා Hezbollah සංවිධානය මූලෝපායික වැරැද්දක් සිදු කර ඇති බවද ඔහු පවසයි.

එම තත්ත්වය මධ්‍යයේ ඊශ්‍රායලය ලෙබනනයේ ඉදිරි පෙළට මෙන්ම රට අභ්‍යන්තර ප්‍රදේශවලටද ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.