යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි
By Kaushi
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් Su-30 MKI වර්ගයේ ප්‍රහාරක යානයක් ඊයේ (05) දින සන්ධ්‍යාවේ ඇසෑම් ප්‍රාන්තයේදී රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇති බවට ඉන්දියානු ආරක්ෂක අංශ නිවේදනය කර ඇත.
ඒ අනුව අඳාළ යානය ඇසෑම්හි ජෝර්හට් (Jorhat) ගුවන් කඳවුරෙන් ගුවන්ගතව ඇති බව සඳහන්.
ඉරානයට පාකිස්ථානයෙනුත් රතු එළි - සෞදි අරාබියට ගැහුවොත් ඉරාන යුද්ධයට පාකිස්ථානය සම්බන්ධ වීම නවත්වන්න බැරි වෙයි
එය අවසන් වරට ගුවන් පාලන මැදිරිය සමඟ සම්බන්ධ වී ඇත්තේ පස්වරු 7.42 ට වන අතර, ඇසෑම්හි කර්බි ඇංග්ලොන්ග් (Karbi Anglong) දිස්ත්‍රික්කයේ කඳුකර සහ ඝන වනාන්තර සහිත ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් තිබියදී යානය රේඩාර් සබඳතාව බිඳී ගොස් ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් මෙම යානය අතුරුදහන් වීමත් සමඟ ඉන්දියානු ගුවන් හමුදාව විසින් හදිසි සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්.