කුඩා දරුවන්ට අත තිබ්බද? ළමා ලිංගික අපරාධ ගැන හිටපු ඇමරිකානු ජනපති සාක්ෂි ලබාදෙයි [VIDEO]
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් සහ ඔහුගේ බිරිඳ වන හිලරි ක්ලින්ටන් විසින් ළමා හා ලිංගික අපයෝජන චෝදනාවලට වරදකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධයෙන් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි ලබා දී ඇත.
ඔවුන් දෙදෙනා ලබාදුන් සාක්ෂිවල වීඩියෝ දර්ශන මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එලෙස වීඩියෝ දර්ශන 2ක් මුදාහැර ඇති බවත්, ඒවා පැය 4කට වැඩි කාලයක් පවතින බවත් වාර්තා වේ.
පසුගිය සතියේදී මොවුන් දෙපළ මෙම අධීක්ෂණ කමිටුව හමුවේ රහසිගතව වෙන වෙනම සාක්ෂි ලබා දුන් අතර, එප්ස්ටයින්ගේ අපරාධ පිළිබඳව තමන්ට මීට පෙර දැනුමක් තිබූ බවට වන චෝදනා මොවුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කර ඇත. ඊට අදාල සාක්ෂි දීමේ වීඩියෝ දර්ශන පහතින්