ඉරානයට පාකිස්ථානයෙනුත් රතු එළි - සෞදි අරාබියට ගැහුවොත් ඉරාන යුද්ධයට පාකිස්ථානය සම්බන්ධ වීම නවත්වන්න බැරි වෙයි
සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර දැඩි කර ඇති පසුබිමක, සෞදි අරාබිය සමඟ අත්සන් කර ඇති අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම නිසා පාකිස්ථානයට ද ඉරාන යුද්ධයට සම්බන්ධ වීමට සිදුවනු ඇති බවට පාකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් ඉකුත් දා පවසා ඇත.
ඒ අනුව සෞදි අරාබියට ප්‍රහාර එල්ල නොකරන මෙන් තමන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වෙත අනතුරු ඇඟවූ බව දාර් ප්‍රකාශ කර ඇත.
දෙරට අතර අත්සන් කර ඇති ආරක්ෂක ගිවිසුම ප්‍රකාරව මින් ඕනෑම රටකට එල්ල වන ආක්‍රමණයක් දෙරටටම එල්ල වූ ආක්‍රමණයක් වශයෙන් සලකන බව වාර්තා වේ.
එසේම ඉකුත් සෙනසුරාදා අරග්චි සමඟ පැවැති සංවාදයක් උපුටා දක්වමින් දාර් කියා තිබුණේ, අප අතර ආරක්ෂක ගිවිසුමක් පවතින බව තමන් ඔවුන්ට අවබෝධ කර දුන් බවයි.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ එම ආරක්ෂක ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වශයෙන් පොදු ආරක්ෂාව පවතින අතර, 2025 සැප්තැම්බර් 17 වන දින එළඹි මෙම මූලෝපායික අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමෙන් මින් එක් රටකට එල්ල වන ඕනෑම ආක්‍රමණයක් දෙරටටම එල්ල වූ ආක්‍රමණයක් වශයෙන් සලකනු ලබන බව ප්‍රකාශ කර ඇති බවයි.
විස්තීරණ සහයෝගීතාව අනුව මෙය හුදෙක් යුධමය සහයක් පමණක් නොව, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ යුධ අභ්‍යාස සහ හමුදා පුහුණු කිරීම් ද ඇතුළත් විස්තීරණ ගිවිසුමක් වේ.
අඳාළ ගිවිසුමේ න්‍යෂ්ටික අවි ගැන සඳහන් නොවන බව නිල ලෙස දැක්වුවත්, පාකිස්ථානය සතු න්‍යෂ්ටික හැකියාවන් සෞදි අරාබියේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වුවහොත් භාවිතා කළ හැකි බවට පාකිස්ථාන බලධාරීන් ඉඟි කර ඇති බවත් එම මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වුවද පාකිස්ථානය ඉරානය සහ සෞදි අරාබිය යන දෙරට සමඟම සමීප සබඳතා පවත්වා ගැනීමට උත්සාහ කරන අතරවාරයේ එරට විදේශ අමාත්‍ය ඉෂාක් දාර් කියා තිබුණේ, පාකිස්ථානය ඉරානය සමඟ සහයෝගයෙන් සිටින නමුත් සෞදිය සමඟ ඇති ආරක්ෂක ගිවිසුමටද ගරු කළ යුතු බවයි.
ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්