රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 20ක් මරුට

By Mithu May 04, 2025 12:13 PM GMT
Report

දකුණු සුඩානයේ රෝහලකට සහ වෙළෙඳපොළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය 'ජාත්‍යන්තර මානුෂීය නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක්' බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී

සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ, ජොන්ග්ලෙයි ප්‍රාන්තයේ ඕල්ඩ් ෆන්ගක් හි පවත්වාගෙන යන රෝහලේ ෆාමසියට ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් බෝම්බය හෙළා ඇති බවයි. එමෙන්ම එම ප්‍රහාරයෙන් අදාළ ස්ථානය ගිනිබත් කර විනාඩි 30ක් පුරා නගරයට වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව ඩ්‍රෝන යානයකින් වෙළඳපොළට බෝම්බ හෙලා තිබේ. 110,000කට වැඩි ජනගහනයක් සිටින ෆන්ගක් ප්‍රාන්තයේ ඇති එකම රෝහල මෙම රෝහල වන අතර, ප්‍රහාරයෙන් පසු රෝහලේ සියලුම වෛද්‍ය සැපයුම් විනාශ වී ඇත. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ රට තුළ සිවිල් යුද්ධයක් නැවත ඇතිවීමේ බිය වර්ධනය වෙමින් පවතින බවය.

සජිත්ට වැඩ නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ

සජිත්ට වැඩ නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ