අවසන් මොහොතේ නූලෙන් බේරුණ ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

Report

ජේකොබ් බෙතෙල්ගේ අනපේක්ෂිත ප්‍රහාරය අවසන් මොහොතේ නවත්වාගත් ඉන්දීය කණ්ඩායම, එංගලන්තය ලකුණු 7කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5) දින රාත්‍රියේ සමත්කම් දක්වා ඇත.

ඒ අනුව මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 254ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු වශයෙන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7කට ලකුණු 246ක් රැස් කර තිබුණා.

එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ජේකොබ් බෙතෙල් පන්දු 48කට පමණක් මුහුණදෙමින් ලකුණු 105ක් රැස්කරගෙන සිටියදී දුව යන විට දැවීයාමකට ලක් වූ අතර ඒ වනවිට ඔහු හයේ පහර 7ක් හා හතරේ පහර 8ක් එල්ලකර තිබුණා.

එංගලන්තයට අසීරු ඉලක්කයක්

එංගලන්තයට අසීරු ඉලක්කයක්

කෙසේ වෙතත් ඉන්දියාව ලැබූ ජයත් සමඟ ඔවුන් අඛණ්ඩව දෙවන වරටටත් විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන ඇත.

මෙසේ අඛණ්ඩ අවස්ථා දෙකකදී විස්සයි20 ලෝක කුසලාන අවසන් සටනට සුදුසුකම් ලැබූ තෙවන රට ඉන්දියාව වන අතර, මීට පෙර එම දස්කම දක්වා ඇත්තේද ආසියානු රටවල් දෙකක් වන පාකිස්තානය (2007, 2009) හා ශ්‍රී ලංකාව (2012, 2014)යි.

කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි