ලංකාවේ භූමිය, මුහුදු හෝ ගුවන් කලාපය කිසිම රටකට පීඩා කරන්න දෙන්නේ නැහැ - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්
මෙරට භූමිය, මුහුදු සහ ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාතී හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවට පත්වන ආකාරයට කටයුතු කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත.
මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනපති මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින යුදමය තත්ත්වයේදී රටක් ලෙස මධ්‍යස්ථ ප්‍රතිපත්තියක කටයුතු කරන බවයි.