රටම බලා සිටි 2026 නව වසර උදාව සමඟින් රට පුරා සැමරුම්
By Kaushi
2026 නව වසර මේ වන විට ශ්‍රී ලංකාවටද උදා වී ඇත. පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් පාසුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදා විය.
මෙරට ඇතුළු ආසියානු රටවලට නව වසර උදාවූයේ ඉන් පසුයි.
ලොව පුරා විවිධ සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා සඳහා සම්බන්ධ වෙමින් ජනතාව 2026 නව වසර පිළිගෙන තිබූ අයුරු දක්නට ලැබුණි.
එසේම නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ගාලු මුවදොර පිටියට සහ කොළඹ අශ්‍රිත ප්‍රදේශ රැසකට එක් ව සිටි බව වාර්තා විය.