රටේ ප්‍රදේශ ගණනාවකට රතු එළියක්.. මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න..
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දිවයින හරහා ගමන් කරමින් පවතින අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවන අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීය.
දිවයින හරහා පැයට කිලෝමීටර 40, 50 පමණ තද සුළං හමා යන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |