පිට පිට එන රතු එළි - බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සඳහා ඉදිරි දින තුන..විශේෂ නිවේදනයක්

Report

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුද සඳහා ඉදිරි දින තුන සඳහා අනාවැකි පළ කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි සුළඟේ වේගය පැ.කි.මි (40-50), විටින් විට පැ.කි.මි 60 දක්වා මෙම මුහුදු ප්‍රදේශ රළු වන බව සඳහන්. 

එසේම ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර ඇත.

ඒ, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවටයි.

අද රාත්‍රී 11.30 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශම් වෙන්න - රටටම අනතුරු ඇගවීමක්

අද රාත්‍රී 11.30 දක්වා ශ්‍රී ලාංකිකයන් ප්‍රවේශම් වෙන්න - රටටම අනතුරු ඇගවීමක්

එසේම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දන්වයි.

එමෙන්ම සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන බව සඳහන්.

මේ අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැකි බවත් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවත් දන්වා ඇත.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැකි අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ඇත. එහෙත් මෙය ගොඩබිමට එන රළ උස නොවන බව සඳහන්.

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි - කාලගුණයෙන් හදිසි නිවේදනයක්

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි - කාලගුණයෙන් හදිසි නිවේදනයක්

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව සඳහන්.

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය අද (19) සවස 4ට නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි.

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දැනුම් දෙයි.

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

එසේම ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව සඳහන්.

ඊට අමතරව ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් අඳාළ නිවේදනයේ සඳහන්.

එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

රුපියල ගැන රටම නොසන්සුන් වෙද්දි IMF එකෙන් හෙට අනිද්දට ලංකාවට තව ඩොලර් මිලියන 700ක්..හතර අතින් ඩොලර් එන බව විජිත කියයි

රුපියල ගැන රටම නොසන්සුන් වෙද්දි IMF එකෙන් හෙට අනිද්දට ලංකාවට තව ඩොලර් මිලියන 700ක්..හතර අතින් ඩොලර් එන බව විජිත කියයි

Gallery