රුපියල ගැන රටම නොසන්සුන් වෙද්දි IMF එකෙන් හෙට අනිද්දට ලංකාවට තව ඩොලර් මිලියන 700ක්..හතර අතින් ඩොලර් එන බව විජිත කියයි

Report

අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ඉදිරියේදි කළමනාකරණය කරගත හැකිවනු ඇතැයි ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවෙන් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් රට තුළට පැමිණීමට නියමිතව ඇති බැවින් මෙන්ම ආනයන සීමා කිරීමෙන් මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට රජයට හැකියාව ලැබෙනු ඇති බව‍යි.

සුදුසුකම් ලබා ඇති අයට මේ වන්දියත් ගෙවන්න කැබිනට් අනුමැතිය - ගෙවන්න යන වන්දි මුදල් ගණන් මෙන්න

සුදුසුකම් ලබා ඇති අයට මේ වන්දියත් ගෙවන්න කැබිනට් අනුමැතිය - ගෙවන්න යන වන්දි මුදල් ගණන් මෙන්න

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය මත ඉදිරියේදී ආනයනික භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බැවින්, සමස්ත ආර්ථිකයේ භාණ්ඩ මිල ඉහළ යෑමේ අවධානමක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් රජය විසින් ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳව අසන ලද පැනයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

"අපි බලමු IMF එකත් හෙට අනිද්දා තව ඩොලර් මිලියන 700ක් විතර ලබා දෙන්න නියමිතව තිබෙනවා. අපි හිතනවා ඒක ලැබෙයි කියලා. ඒ වගේම ADB එක තව මිලියන 200ක් ලබා දෙන්න නියමිතව තිබෙනවා. ඒකත් එක්ක තව ඩොලර් ප්‍රමාණයක් රට තුළට එනවා. ඒ වගේම ආනයන සීමා කිරීම හරහා ඩොලර් පිටට යාම යම් පාලනයක් වෙනවා. අනිත් පැත්තෙන් ඩොලරයේ විචලනයත් එක්ක අපනයන ආදායමෙත් වැඩිවීමක් තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මේ කළමනාකරණය කරලා තියෙන්නේ. අපි හිතනවා මේ තත්ත්වය මඟින් කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා."

කාන්තාවන්ට සහ දරුවන්ට සුභ ආරංචියක් - ඔවුන් වෙනුවෙන් මිලියන ගණනක මුදල් ආධාර

කාන්තාවන්ට සහ දරුවන්ට සුභ ආරංචියක් - ඔවුන් වෙනුවෙන් මිලියන ගණනක මුදල් ආධාර

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී