අමතක කරන්න එපා හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්..
Election Commission of Sri Lanka
Sri Lanka
General Election 2024
By Piyumika
පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට සිය ආදායම් සහ වියදම් වාර්තා ලබාදීම සඳහා ලබා දී තිබූ කාලය හෙට (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් 8,361 දෙනාගෙන් මේ වන විට අදාළ වාර්තා ලබාදී තිබෙන්නේ 1985 දෙනෙක් පමණක් බවයි.
දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 690ක් අතරින් 106ක් පමණක් අදායම් සහ වියදම් වාර්තා ලබා දී තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක කියා සිටියේ ජාතික ලැයිස්තු සඳහා ඇතුළත් වූ අපේක්ෂකයන් 527 දෙනා අතරින් 57 දෙනෙකු පමණක් එම වාර්තා ලබා දි ඇති බවයි.
You may like this video