ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T20 තරගය අද..මේ තරගයට මහේෂ් තීක්ෂණට සහභාගි විය හැකි වෙයිද..?

T20 SRI LANKA AUSTRALIA MAHESH THEEKSHANA
By Sewvandhi Oct 28, 2021 02:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද පැවැත්වෙනවා. ඒ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී , පස්වරු 03:30 ටයි. දෙරට අතර මේ දක්වා පන්දුවාර 20 තරග 16 ක් පවත්වා ඇති අතර කණ්ඩායම් දෙකම තරග 08 බැගින් ජයගෙන තිබෙනවා.

මේ අතර අද පැවැත්වෙන තරගයට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා. නෙදර්ලන්තය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වු මහීෂ් තීක්ෂණ බංග්ලාදේශය සමග පැවති තරගයට ක්‍රීඩා කළේ නැහැ.

මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

මේ අතර ඊයේ පැවති තරග වලින් ජය අත්කරගැනීමට එංගලන්තය සහ නැමීබියාව සමත්වුණා. බංග්ලාදේශයට එරෙහිව කඩුළු 08 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා. පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 09 ක් දැවී ලකුණු 124 ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 14 යි එක් පන්දුවක් තුළ කඩුළු 02 කට ලකුණු 126 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා.

නැමීබියාව සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවති තරගයෙන් ජය අත්කර ගැනීමට නැමීබියාව සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ස්කොට්ලන්තයට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් කඩුලු 08 ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 109 ක් රැස් කළා.

ලකුණු 110ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිළිතුරු ඉනිම ඇරඹූ නැමීබියානු කණ්ඩායම කඩුලු 06 ක් දැවී පන්දුවාර 19 යි 01 ක් පන්දුවක් තුළ ලකුණු 115 ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.