මේකට කලින් වාහනයක් ගන්න නැත්නම් වාහන ගන්න හිතන්නත් බෑ
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රසාද් මානගේ මහතා පවසන්නේ නව අයවැය සමඟ වාහන ආනයනයේදී දැනට ලබා දෙන 15%ක බදු වට්ටම ඉවත් කිරීමේ සූදානමක ඇති බවත්, එසේ වුවහොත් සියලුම වාහන කාණ්ඩයන්ගේ මිල ගණන් ඉහළ යෑමක අවදානමක් පවතින බවත්ය.
එමෙන්ම වර්තමානයේ පවතින ක්‍රමය යටතේ, වාහනය ආනයනය කරන රටේ වෙබ් අඩවිවල වටිනාකම ගෙන, එම වටිනාකමෙන් සියලුම අදාළ බදු (තීරු බදු) අඩු කරනු ලබන අතර, ඊට අමතරව 15%ක වට්ටමක් ආනයනකරුවන්ට හිමි වන බවත් මේ හේතුවෙන් බදු සඳහා අය කරනු ලබන්නේ වටිනාකමින් 85%ක් පමණක් බවත් ඔහු පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ වාහන ආනයනකරුවන්ගේ සංගමයට ලැබී ඇති ආරංචි මාර්ග අනුව, මෙම 15%ක වට්ටම ඉවත් වීමට ඉඩ ඇති බවයි.
“අපි හිතමු රැපියල් 100 නම් වටිනාකම තියෙන්නේ. ඒකෙන් මෙච්චර කලට ගත්තේ 85යි. හැබැයි දැන් ඉදිරියේදී ඒක 100ක් ගන්න ආකාරයක ආරංචි මාර්ගයක් තියෙනවා මෙහෙම දෙයක් වෙනවා කියලා,” මානගේ මහතා පවසා ඇත.
මෙම බදු ගණනය කිරීමේ වෙනස ක්‍රියාත්මක වුවහොත්, අයවැයෙන් පසුව සියලුම වාහන වර්ගයන්ගේ මිල ගණන් ඉහළ යෑමක් දැකගත හැකි වන අතර Alto, WagonR වැනි කුඩා වාහනවල සිටම විශාල වාහන දක්වා සියලු වාහනවල මිල ඉහළ යෑමක් සිදුවන බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්, ඇල්ටෝ රථයේ සිට වැගන්ආර්, බඩී වෑන් ඇතුළු සියලු වාහනවල මිල ඉහළ යාමකට ඉඩ ඇති අතර වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් දැඩි ලෙස ඉල්ලීමක් කර සිටින්නේ, නැවතත් වාහන මිල ගණන් ඉහළ යාමට හේතු වන මෙම 15%ක බදු වට්ටම ඉවත් නොකරන ලෙසයි.
මානගේ මහතා පෙන්වා දෙන්නේ, නවතම (Brand New) වාහනයක් ගෙන්වීමේදී 15%ක වට්ටමක් හිමි වන බවට ආණ්ඩුව සතුව වැරදි වැටහීමක් පවතින බවකි. ඔවුන් 2023 වසරේදීම නවතම වාහන සඳහා පවා තීරු බදු ගෙවූ බව ඔහු ප්‍රකාශ කරයි.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, මෙම 15%ක වට්ටම 2015 වසරේ සිට ආනයනකරුවන්ට තිබූ බවත්, එය ඉවත් කිරීමෙන් වළකින ලෙසත්ය. දැනටමත් වාහන මිල ඉහළ මට්ටමක පවතින බැවින්, මෙම සහනය එලෙසම පවත්වාගෙන යන ලෙසට සංගමය රජයෙන් ඉල්ලා සිටී