ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලංකාවට මැදිහත් වෙන්නැයි අජිත්ගෙන් යෝජනාවක්

Report

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් පාකිස්ථාන රජයෙන් මානුෂීය ඉල්ලීමක් කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ඔහු විසින් මෙම කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, අත්අඩංගුවේ පසුවන ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ යහපැවැත්ම පිළිබඳව පවතින කනස්සල්ල පදනම් කර ගෙනයි.

එමෙන්ම විශ්වාස කටයුතු වාර්තා ඔස්සේ මතු කර තිබෙන මානුෂීය කරුණු පිළිබඳව මෙම යෝජනාවෙන් අවධානය යොමු කර තිබෙන බව සඳහන්.

එසේම රාජ්‍යතාන්ත්‍රික සහ පාර්ලිමේන්තු මාර්ග ඔස්සේ පාකිස්ථාන බලධාරීන් සමඟ සම්බන්ධ වන මෙන් මෙරට රජයෙන් ඉල්ලා සිටින බව ද සඳහන්.

පොලිස් නිලධාරීන් පැනලා යනවා පාතාලයට බයේ මොන පොලිසියක්ද මේ? ලැජ්ජයි - පොලීසියට කනේ පාරක්

පොලිස් නිලධාරීන් පැනලා යනවා පාතාලයට බයේ මොන පොලිසියක්ද මේ? ලැජ්ජයි - පොලීසියට කනේ පාරක්

මේ අතර ඉම්රාන් ඛාන්ට ප්‍රමාණවත් සහ ස්වාධීන වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන බව සහතික කරන මෙන් පාකිස්ථාන රජයට දන්වන ලෙසත් එම යෝජනාවෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි‍යි.

තවද ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව ඔහු නිදහස් කිරීම හෝ සුදුසු සහනයක් ලබා දීම වෙනුවෙන් මානුෂීය ඉල්ලීමක් කරන ලෙස ද එහි සඳහන් බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.

එක ඇසක් නොපෙනෙන ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය අසා ක්‍රිකට් නායකයන් කම්පා වෙයි

එක ඇසක් නොපෙනෙන ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය අසා ක්‍රිකට් නායකයන් කම්පා වෙයි

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්