පොලිස් නිලධාරීන් පැනලා යනවා පාතාලයට බයේ මොන පොලිසියක්ද මේ? ලැජ්ජයි - පොලීසියට කනේ පාරක්
අද(19) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් රජයට උනන්දුවක් තිබුණ ද එය තවමත් අසාර්ථක ක්‍රියාන්විතයක් බව සඳහන් කළා.
එසේම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු විසින් රටේ පොලිසියේ ක්‍රියා කලාපය ද දැඩිව විවේචනය කළා.
එහිදී ඔහු කියා සිටියේ,
''මන්ත්‍රී නයන වාසල හැර අනෙක් හැමෝම මන්ත්‍රී වැටුප ගන්නවා ''සැගවුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් සහ දීමනා ගැන හෙළිදරව්වක්
" කොච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියනවා හෙරොයින් තියෙනවා. එක්කෝ ඔබතුමන්ලා නොදන්න මූලාශ්‍ර හරහා මේ රටට ගලා එනවා, එහෙම නැත්නම් මේ අල්ලන මත්ද්‍රව්‍ය වෙන පාරකින් මහ පොළොවට යනවා. ඒ නිසා ඔබතුමාලාගේ මේ මත්ද්‍රව්‍ය මැඩලීම ගැන තියෙන කැමැත්ත අභියෝගයට පත් නොකර මම කියන්නේ මේ රජය මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමේදී අසාර්ථකයි මේ දක්වා. මම ප්‍රාර්ථනා කරනවා සාර්ථක වෙන්න කියලා. ඒ නිසා මේ ක්‍රියාවලිය පිළිබඳ අනවශ්‍ය ලෙස සතුටු වෙන්න එපා. අද වෙනකල් ප්‍රායෝගිකව දෙයක් වෙලා නෑ.....ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළදාම ආණ්ඩුවේ ආරක්ෂාව තියාගෙන බූස්ස ඇතුළු බන්ධනාගාරවල තුළ ඉඳන්ම කරනවා. අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය ආරක්ෂා කරගන්න බැරි ආණ්ඩුව තව මොනවද කතා කරන්නේ? මමත් පොලිස් නිලධාරියෙක්ගෙ දරුවෙක්. ඉපදුනේ පොලිසියේ. පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. වෘත්තීය වශයෙන් මම නීතිඥයෙක්. පොලිසියට මට ගරුත්වයක් තියෙනවා. හැබැයි මේ පොලිසියේ තත්වය ඊයේ රූපවාහිනයෙන් දැක්කා. අර කොළඹ නගරයේ ප්‍රහාරයක් සිද්ධ වෙන වෙලාවේ තුවක්කු කාරයා වෙඩි තියලා පල්ලෙහාට එනකොට සහ තුවක්කුකාරයා වෙඩි තියන්න යනකොට ඒ ආසන්නයේ හිටපු, පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් හිටියා. නිල රථයක් තිබුණා. හැබැයි ඒ නිලධාරීන් පැනලා යනවා පාතාලයට බයේ. මොන පොලිසියක්ද මේ? මං හරි ලැජ්ජාවෙන් කියන්නේ පොලිස් නිලධාරියගේ දරුවෙක් හැටියට, පොලිසියට ආදරයක් තියෙන මිනිහෙක් හැටියට, පොලිසියට උගන්නපු මිනිහෙක් හැටියට. උසස් නිලධාරීන්ගේ තත්ත්වයත් ඕක තමයි. ඔබතුමාලා ඉස්සරහ ජනාධිපති ඉස්සරහා කාර්ය සාධක බලකාය අරක මේක රැස්වීම්වල ලොකු කයිවාරු ගැහුවට පාතාලයට බයයි. පාතාල තුවක්කුවට බයයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බයයි ඒක තමා යථාර්ථය"