මෙරට දුම්රිය ක්ෂේත්‍රයේ යෝධ පිම්මක්..ලීවලින් හදපු දුම්රිය 03ක් ධාවනයට එක් වෙයි..(PHOTOS)

Sri Lanka Train Colombo train station Abepussa train station Dammika jayasundara
By Aruna Sep 27, 2021 02:43 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ගමන සංකේතවත් කරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා වාෂ්ප දුම්රියක් යෙදවීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් මෙම දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

මෙම වාෂ්ප එන්ජින් දුම්රිය ධාවනයේ දී, පැරණි දුම්රිය ගමනේදි අත්විඳි දුම්රිය සම්ප්‍රදාය රස විඳීමට හැකිවන අයුරින් සියලු කටයුතු සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

මේ සඳහා අවශ්‍ය වන්නා වූ දුම්රිය ලී මැදිරි කීපයක නිමවීම මේ වන විටත් රත්මලාන දුම්රිය අංගනයේ සිදුකෙරෙනවා.

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවන තත්ත්වයේ යෙදවිය හැකි වාෂ්ප එන්ජින් තුනක් තියෙන බවත් එම එක එන්ජිමකට ලී මැදිරි හතරක්සවි කොට ගනිමින් මෙම සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවා.

මේ සඳහා තේක්ක සහ මහෝගනී ලී විශේෂ භාවිතා කර ඇති අතර විශේෂිත වූ කැටයම් ක්‍රම ද නිර්මාණය කොට තිබීම විශේෂත්වයක්.

එක් මැදිරියක් දිග අඩි 45 ක් සහ පළල අඩි නවයක් වන ලෙස නිර්මාණය කොට ඇති අතර මගින් 24 දෙනෙකුට සුඛෝපභෝගී ලෙස ද ඉතා පහසුවෙන් මෙම මැදිරි තුළ ගමන් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery