මුළු ලංකාවටම අසුබ ආරංචියක් - මහ බැංකුවෙන් දැනුම්දීමක්
2026 අප්‍රේල් මාසයේ මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් 2025 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 256.7 හා සැසඳීමේ දී මෙය සියයට 38.8ක සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2026 අප්‍රේල් මාසයේ පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 135,643කි. එය 2025 වසරේ එම මාසයේ පැමිණි සංචාරකයින් 174,608ක් සහ උපයා තිබූ ඩොලර් මිලියන 256.7ක ආදායම සමඟ සැසඳීමේදී පැහැදිලි පහළ යාමකි.
මේ අතර 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මුල් මාස හතරක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් ලෙස වාර්තා වන අතර, එම කාලය තුළ උපයා ඇති සමස්ත සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,111ක් බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
එය 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ සංචාරකයින් 896,884ක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 1,379ක ආදායම සමඟ සැසඳීමේදී, සමස්ත සංචාරක පැමිණීම් සියයට 2.3කින් සහ සංචාරක ඉපැයීම් සියයට 19.4කින් පහළ ගොස් තිබේ.