ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල විදේශ නිවාසවල ආරක්ෂාව තර කරයි

Report

ගෝලීය මට්ටමින් ආරක්ෂක තත්ත්වයන් ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකා පොලිසිය විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ ඒවායේ නිල නිවාස ඇතුළු ස්ථානවල ආරක්ෂක පියවර තීව්‍ර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා අද (03) නිකුත් කළ නිවේදනයකින් ප්‍රකාශ කළේය.

පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට ලබා දී ඇති උපදෙස් අනුව, මහජන සාමයට හෝ ජාතික ආරක්ෂාවට බාධා කළ හැකි ඕනෑම සිදුවීමක් වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇත.

මැදපෙරදිග පවතින බිහිසුණු යුධමය වාතාවරණය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් - තැපැල්පති

මැදපෙරදිග පවතින බිහිසුණු යුධමය වාතාවරණය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් - තැපැල්පති

ඒ අනුව, තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ ඒවායේ නිල නිවාස, අනෙකුත් අනුබද්ධ පරිශ්‍ර, ශ්‍රී ලංකාව තුළ පදිංචිව සිටින විදේශ ජාතිකයින්ගේ නිවාස, ව්‍යාපාරික ආයතන, සංචාරක ස්ථාන, හෝටල්, නේවාසික ගොඩනැගිලි, ආගමික හා පූජනීය ස්ථාන, ආදිය ඇතුළු සියලුම ස්ථානවල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට නියෝග කර ඇත.

මෙම ආරක්ෂක පියවරයන් නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන අතර, පුද්ගලයින්ගේ හා දේපළවල ආරක්ෂාව සහතික කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ ආරක්ෂක සැලැස්මක් හඳුන්වා දී ඇත.

අවශ්‍ය විටෙක මෙම ආරක්ෂක කටයුතු සඳහා සන්නද්ධ හමුදාවන්ගේ සහාය ලබා ගැනීමට ද පියවර ගෙන ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉරානෙට ගහපු එක ලොකු වරදක් - සජිත් පර්ලිමේන්තුවේ දී කට අරියි

ඉරානෙට ගහපු එක ලොකු වරදක් - සජිත් පර්ලිමේන්තුවේ දී කට අරියි

ජනපතිගේ රැඩිකල් ගතිය අද බැහැලා.. පේ විදේශ ප්‍රතිපත්තිය ගැන ලෝකය බලා සිටිනවා.. ලැජ්ජයි - මුජිබුර්

ජනපතිගේ රැඩිකල් ගතිය අද බැහැලා.. පේ විදේශ ප්‍රතිපත්තිය ගැන ලෝකය බලා සිටිනවා.. ලැජ්ජයි - මුජිබුර්