මැදපෙරදිග පවතින බිහිසුණු යුධමය වාතාවරණය හේතුවෙන් විදෙස් රටවලට තැපෑල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් - තැපැල්පති

Report

මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් විවිධ රටවල් වෙත භාණ්ඩ යැවීමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පවසා තිබේ.

ඒ වගේම පසුගිය සිකුරාදා භාරගත් භාණ්ඩ කිහිපයක් මේ වනවිටත් යැවීමට නොහැකි වී ඇති බව සදහන් කර ඇත.

ඔහු තවදුරටත් සදහන් කළේ මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට භාණ්ඩ යැවීම සීමා වී තිබෙන බවත් ඇතැම් භාණ්ඩ යැවීමේදී බාධා ඇතිවිය හැකි බවයි.

තවද විශේෂයෙන්ම එම කලාපය වෙත සිදුකරන ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වී ඇති බැවින් ජාත්‍යන්තර තැපැල් සේවා කටයුතු සෘජුවම බලපෑමට ලක්ව ඇත.

ප්‍රමාදවීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ද පියවර ගත් බවත් ඒ ඒ රටවල තැපැල් පරිපාලන සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යන බවද පොලිස්පතිවරයා සදහන් කර ඇත.

ඔහු සඳහන් කළේ යථා තත්ත්වය යළි ස්ථාපිත වූ වහාම ජාත්‍යන්තර තැපැල් සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

තවද ඔහු අවධාරණය කළේ මෙවැනි තත්ත්වයක් තුළ භාණ්ඩ ප්‍රමාද වීම හේතුවෙන් විශේෂයෙන්ම නරක් වීමට ඉඩ ඇති භාණ්ඩ සම්බන්ධයෙන් අවදානම් පවතින බැවින්, ඒවා පාලනයෙන් තොර විය හැකි බවයි.

එබැවින්, මේ අවස්ථාවේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් විදේශයන් වෙත භාණ්ඩ යැවීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි .

මේ සම්බන්ධව ඔහු වැඩිදුරටත් සදහන් කළේ භාණ්ඩ අදාළ ගමනාන්ත වෙත යැවීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අපහසුතා පවතින්නේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බව යි.