චීනෙටයි සිංගප්පූරුවටයි පස්සේ ලංකාවටත් මගී ඩ්‍රෝන යානා! එක පාර 6 දෙනෙකුට යන්න පුළුවන් නියමු ව්‍යාපෘතිය මෙන්න
දියුණු ගුවන් සංචලන විසඳුම් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ මගීන් ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බැලීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව තුළ මගී ඩ්‍රෝන සේවා ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව, ආරක්ෂාව සහ නියාමන අවශ්‍යතා ඇගයීමට ලක් කිරීමට අපේක්ෂා කරන බව CAA අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, එක් මගී ඩ්‍රෝන යානයකට මගීන් හය දෙනෙකු දක්වා රැගෙන යා හැකි බවයි.
චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල මේ වන විටත් සමාන තාක්ෂණයන් භාවිතයට ගෙන ඇති බව පෙන්වා දුන් රඹුක්වැල්ල මහතා, ශ්‍රී ලංකාවද පුළුල් වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර නියමු ව්‍යාපෘතියක් හරහා මෙම තාක්ෂණය පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
මෙම වැඩසටහන යටතේ මගී ඩ්‍රෝන යානාවල මෙහෙයුම් ක්‍රමවේද, නියාමන අවශ්‍යතා සහ ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරෙන අතර, අනාගතයේදී මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර ඒවා ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලද යන්න තහවුරු කිරීමට නියමිතය.