ආසාවෙන් කාපු බීපු වැල් දොඩම් ගැන නරක ආරංචියක්[PHOTOS]
ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ වැල් දොඩම් වගාකරුවන් සියයකට අධික පිරිසක් තම නිෂ්පාදනවලට මිලක් නොලැබීම නිසා දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත.
ඒ අනුව එම ගොවීන් සඳහන් කර ඇත්තේ මේ වන විට පවතින වර්ෂාවත් වැල්දොඩම් අස්වැන්න විනාශ වී යාමේ තර්ජනයට හේතුපාදක වී ඇති බවයි.
එසේම මෙම ගොවීන් වැල්දොඩම් වගාව ආරම්භ කර තිබුණේ රජයේ අනුග්‍රහය ඇතිව බවද වාර්තා වේ. කෙසේ වෙතත් වැල් දොඩම් කිලෝවක් රුපියල් 400 ත් 500 ත් අතර මිලකට වෙළඳපළේ අලෙවි වූ බවත් තම දොඩම් අස්වැන්න බහුතරයක් විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන වගා කළ ඒවා බවත් ඔවුන් පවසයි.
එහෙත් ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ වැල් දොඩම් වගාකරුවෝ පෙන්වා දෙන්නේ මේ දිනවල වැල්දොඩම් කිලෝවක් රුපියල් 100 සිට 130 දක්වා මිල ගණන් යටතේ අලෙවි කරගන්නා බවයි.
එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් විශාල මුදලක් වියදම් කරමින් මෙම වැල් දොඩම් වගාව හඳුන්වා දී ගොවීන්ට සහන රැසක් ලබා දී එම ප්‍රදේශයේ බොහෝ ගොවින්ගේ අතමිට සරු කළ වගාවක් කළ බවයි.
එබැවින් මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කොට වැල් දොඩම් වගාකරුවන්ට උදව් කරන්නැයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.


