පාසල් පොතට LGBTQIA විෂය නිර්දේශය?
ප්‍රවීණ මාධ්‍යවේදනී සෙනාලී වඩුගේ මහත්මිය පවසා ඇත්තේ පාසල් විෂය නිර්දේශයට LGBTQIA ප්‍රවර්ධනය කිරීම සඳහා Sexuality ඇතුලත් කිරීමේ සැලසුමක් ඇති බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංසය හා අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩසටහන් පවත්වන බවට ලිපියක් මගින් අනාවරණය වී ඇති බවයි ඇය පවසා ඇත. ඇය ඊට අදාළ වන ලිපියක්ද මුහුණුපොත සමාජ ජාල ගිණුමේ පල කර ඇත.
මෙම වැඩසටහන් සඳහා අරමුදල් සපයන සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ ජනගහනය අඩු කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම බවද ඒ අනුව පාසල්වල කුඩා දරුවන්ට LGBTQIA ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඇය සිය සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් වාර්තා කර ඇත.
