මී මුණුබුරන් 325කට මිත්තණිය වූ ලංකාවේ දීර්ඝායුෂ වාර්තාව තැබූ ඇය මෙලොවින් සමුගනී

Report

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගිලි කනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි, ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව ලෙස පුළුල් ලෙස සැලකුණු පන්චගේ කළුමැණිකේ මහත්මිය වයස අවුරුදු 114ක් ආසන්නයේදී අභාවප්‍රාප්ත වී තිබේ.

1912 ජූලි 4 වැනිදා උපත ලැබූ ඇය, මෙම වසරේදී සිය 114 වැනි උපන්දිනයද පවුලේ සාමාජිකයන් සමඟ සමරා තිබුණි. පසුව සිදු වූ වැටීමක් හේතුවෙන් ඇය රෝහල්ගත කර ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබීය.

සැත්කමෙන් අනතුරුව මාස දෙකක පමණ කාලයක් ජීවත් වූ ඇය, පසුව සිය ජීවන ගමනට සමුදී ඇත. පන්චගේ කළුමැණිකේ මහත්මිය දරුවන් 12 දෙනෙකුගේ මවක් වූ අතර, ඇයගේ පවුල් පරම්පරාව මී මුණුබුරන් 325 දෙනෙකු දක්වා විහිදී තිබීම විශේෂත්වයකි.

''උඹ මට කිවුවා K-D මම ජීවත් වෙන්නෙ අද රෑ විතරයි කිවුවා උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කිවුවා'' සමාජ මාධ්‍ය කළඹමින් මිය ගිය තරුණයාගේ මිතුරෙකුගෙන් වෙනස් කතාවක් එළියට

''උඹ මට කිවුවා K-D මම ජීවත් වෙන්නෙ අද රෑ විතරයි කිවුවා උඹ මගේ පොඩි කාලෙ ඉඳලා යාලුවා කිවුවා'' සමාජ මාධ්‍ය කළඹමින් මිය ගිය තරුණයාගේ මිතුරෙකුගෙන් වෙනස් කතාවක් එළියට

දිගු ආයුෂක් ගත කළ ඇයගේ ජීවිතය ශ්‍රී ලංකාවේ දීර්ඝායුෂ පිළිබඳ කැපී පෙනෙන සටහනක් ලෙස සැලකෙන අතර, ඇයගේ අභාවය පවුලේ සාමාජිකයන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද විශාල ශෝකයක් ගෙන දී තිබේ.