රුපියල නරකම වෙයි - පුවත් සේවයකින් හෙළි කළ දේ..

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani Jul 25, 2023 04:46 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා රුපියල මේ වන විට ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්ව ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

එයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටින්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත අඩු කිරීම හා ආනයන පාලනයන් ලිහිල් කිරීම ආදී කරුණු හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යාමයි.

ඊයේ (24) වන විටත් අඛණ්ඩව ශ්‍රී ලංකා රුපියල 14 වැනි දිනටත් අවප්‍රමාණය විය.

ඒ අනුව මේ මාසයේ දී පමණක් ඩොලරයට සාපේක්ෂව රුපියල 6% ට ආසන්න අගයකින් අවප්‍රමාණය වී ඇත.

එමෙන්ම වැඩිදුරටත් එම පුවත් සේවය කියා සිටියේ, වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ රුපියල ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව 355ක් දක්වා තවත් 8%කින් අවප්‍රමාණය වීමට හැකියාවක් පවතින බවයි.

ReeCha