ලංකාවට සුබ වෙයි - රජයේ ආදා­යම ගැන රටටම සතුටු හිතෙන පණිවුඩයක්

Report

මෙම වසරේ ජන­වාරි මාසයේ රජයේ ආදා­යම 35%කින් වර්ධ­නය වී ඇති බව මුදල් හා ක්‍රම­ස­ම්ප­දාන අමා­ත්‍යාං­ශය පවසයි. ඒ අනුව අයවැය හිඟය ද රුපි­යල් බිලි­යන 3.8 දක්වා පහළ ගොස් ඇති බව මුදල් හා ක්‍රම­ස­ම්ප­දාන අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරයි.

එබැවින් 2026 වසරේ ජන­වාරි මාසය තුළ රජයේ සමස්ත ආදා­යම ඉකුත් වසරේ අනු­රූප කාල­සී­මා­වට සාපේ­ක්ෂව 35.2%ක කැපී පෙනෙන වර්ධ­න­යක් අත්කර ගැනී­මට සමත්ව ඇති බව සඳහන්.

ඉකුත් 2025 වසරේ ජන­වාරි මාසයේ දී රුපි­යල් බිලි­යන 346.58ක් වශයෙන් සට­හන් වූ රජයේ ආදා­යම, 2026 ජන­වාරි වන විට රුපි­යල් බිලි­යන 468.75ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් හා ක්‍රම­ස­ම්ප­දාන අමා­ත්‍යාං­ශය පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක් - අද සිට ඇරඹෙයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක් - අද සිට ඇරඹෙයි

එම කාල­සී­මාව තුළ රජයේ සමස්ත විය­දම රුපි­යල් බිලි­යන 472.56ක් වශයෙන් සට­හන් වේ.

ඒ අනුව සමස්ත අයවැය හිඟය රුපි­යල් බිලි­යන 3.81ක් දක්වා සැල­කිය යුතු ලෙස අඩු වී ඇත. මෙම ආදා­යම් වර්ධ­නය පිළි­බඳ වැඩි­දුර තොර­තුරු සලකා බැලී­මේදී, රජයේ බදු ආදා­යම රුපි­යල් බිලි­යන 434.23ක් දක්වා වර්ධ­නය වී ඇති අතර එය 2025 ජන­වාරි මාසයේ ලැබූ රුපි­යල් බිලි­යන 321.48ක බදු ආදා­ය­මට සාපේ­ක්ෂව සිය­යට 35ක වර්ධ­න­යක් බව සදහන්.

එසේම බදු නොවන ආදා­ය­මද රුපි­යල් බිලි­යන 25.10 සිට රුපි­යල් බිලි­යන 34.52 දක්වා සිය­යට 37.5කින් ඉහළ ගොස් ඇත.

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් ආදායමක් ඉහළට

මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් ආදායමක් ඉහළට