විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේ - රජයේ සහ බැංකු නිවාඩු දින ගැන දැනුම්දීමක්

Report

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ රජයේ සහ බැංකු නිවාඩු දින නිල කාලසටහන නිකුත් කර ඇත.

මේ සම්බන්ධයෙන් වන නිවේදනය විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ අත්සනින් මෙම විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත.

රට පුරාම වෛරසය පැතිරිලා - මොරටුව විශ්වවිද්‍යාලය වැසීමට නියෝග - රටම ලොක්ඩවුන්ද?

රට පුරාම වෛරසය පැතිරිලා - මොරටුව විශ්වවිද්‍යාලය වැසීමට නියෝග - රටම ලොක්ඩවුන්ද?

මෙම නිවාඩු දින බෞද්ධ, හින්දු, ඉස්ලාමීය, ක්‍රිස්තියානි ආගමික සහ ජාතික වශයෙන් වැදගත් දින ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රධාන නිවාඩු දින කිහිපයක් ඒ අනුව වේ.

දෙමළ තෛපොංගල් දිනය - ජනවාරි 15

නිදහස් දිනය - පෙබරවාරි 04

සිංහල, දෙමළ අලුත් අවුරුද්ද - අප්‍රේල් 14

මැයි දිනය - මැයි 01

වයිකාසි විශාඛා පුරාණ දිනය - මැයි 19

දීපවාලි දිනය - ඔක්තෝබර් 28

නත්තල් දිනය - දෙසැම්බර් 25

එසේම, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සම්ප්‍රදායට අනුව, සියලුම පුරාණ දින රජයේ සහ බැංකු නිවාඩු දින වන බව නිවේදනය කර ඇත.

රටේ බහු සංස්කෘතික හා ආගමික වටිනාකම්වලට ගරු කිරීම සහ ආගමික සහජීවනය සහතික කිරීම සඳහා මෙම නිවාඩු ලැයිස්තුව සකස් කර ඇති බව රජය පවසා තිබේ.