ඉස්සරහට කසාද බදින්න බැරි වෙයිද? අලුත්ම වාර්තාව මෙන්න
ශ්‍රී ලංකාව තුල 2024 වසරේදී විවාහ දොළොස්දහස්,හැටහයකින් (12,066) අඩුවි ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක වාර්තා වී ඇත.
ඉකුත් වර්ෂයේ මෙරට විවාහවිම් මුළු ගණන එක්ලක්ෂ,තිස්නමදහස් දෙසිය අනුවකි (139,290) 2023 වර්ෂයේ දි එක්ලක්ෂ,පනස්එක්දහස් තුන්සියපනස්හයක් (151,356) විවාහ ලියාපදිංචි වී ඇත.
කෙසේවුවද රට තුල ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබු 2022 වර්ෂයේ දි මෙරට විවාහ එක්ලක්ෂ,හැත්තැඑක්දහස්,එකසියහතලිහක් (171,140)ක් සිදු වී තිබේ. 2021 වර්ෂයේ විවාහ ලියාපදිංචි කිරිම් එක්ලක්ෂ හැටදෙදහස් හයසිය විසිඅටක් (162,628) ක් සිදුවි තිබු අතර 2023 හා 2024 යන වර්ෂවලදී විවාහවිම් ක්‍රමයෙන් අඩුවිමේ තත්ත්වයක් වාර්තා වී තිබේ.
එමෙන්ම විවාහවිම් වලින් වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය නිතිය යටතේ ලියාපදිංචිකොට ඇත.
ආර්ථික ගැටළු, පවුලේ වගකිම් වැඩිවිම, උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවිම, විරැකියාව, විවාහයක් සිදුකරගැනිමට ඇති කැමැත්තෙන් තරුණ ප්‍රජාව බැහැරවිම, රැකියාවෙන් ලැබෙන වැටුප පවුලේ අවශ්‍යතාවයන් සදහා ප්‍රමාණවත් නොවිම, සාමාජිය ගැටළු යන හේතු විවාහ ප්‍රමාදවිම සදහා හේතුව බව සමාජ විද්‍යාඥයින් පවසයි.