දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්..

Sri Lanka Sri Lanka Railways Department of Railways
By krishani Jul 13, 2022 03:22 AM GMT
krishani

krishani

Report

ඉන්ධන ලබාගැනීමේ ගැටලුව මත මේ දිනවල ජනතාව වැඩි වශයෙන් දුම්රිය මගින් සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට පෙළඹී ඇත.

ඒ සමඟ දුම්රියේ පාපුවරුවල මෙන්ම වහලය මතද නැගී තරුණයින් ගමන් කිරීමට පෙළඹී ඇති අතර ඒ නිසා පසුගිය දිනවල අනතුරු කිහිපයක් වාර්තා විය.

එබැවින් දුම්රියේ වහළ මත සහ පාපුවරුවේ ගමන් නොකරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join

ReeCha