මීට පස්සේ නිවාස සහ පුද්ගලික වාහන විකුණද්දි මේ ගැන දැනුවත් වන්න - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් නේවාසික දේපළක් විකිණීමේදී බදු නිදහස් කිරීම් ලබා ගැනීමට නම්, විකිණීමට පෙර අවම ලෙස වසර තුනක්වත් එහි නීත්‍යානුකූල අයිතිය විකුණන්නා සතු විය යුතු අතර, එම කාලය තුළ වසර දෙකකට වඩා වැඩි කාලයක් එහි පදිංචිව සිට තිබිය යුතු බවත් දන්වා ඇත.

ඒ අනුව එහි නිලධාරියෙක් විසින්, මෙම නිර්ණායක සපුරා ඇත්නම් විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලම බදුවලින් නිදහස් වන බව පැවසූ බව සඳහන්.

එමෙන්ම ඔහු කියා ඇත්තේ පවුලේ සාමාජිකයින්ට හෝ දරුවන්ට දේපළ පැවරීම ද බදුවලින් නිදහස් වන අතර, බදු අදාළ වන්නේ තෙවන පාර්ශවයකට විකුණන විට පමණක් බවයි.

අද සිට අනිද්දා දක්වා සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි - ලොව පුරා රාජ්‍ය සේවකයින්ට උත්සව

අද සිට අනිද්දා දක්වා සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි - ලොව පුරා රාජ්‍ය සේවකයින්ට උත්සව

මේ අතර වාහන සම්බන්ධයෙන් සංශෝධිත පනත යටතේ පැරණි බදු ක්‍රමය ඉවත් කර ඇති බවත්, 2024 අප්‍රේල් 1 වන දින සිට වාහනයේ පැරණිභාවය, තත්ත්වය හෝ මාදිලිය (Model) නොසලකා පුද්ගලික වාහන විකිණීම සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කර ඇති බවත්, අඳාළ නිලධාරියා පවසා ඇති බව සඳහන්.

මෙම බදු නිදහස් කිරීමට අදාළ වන්නේ පුද්ගලික වාහන සඳහා පමණක් වන අතර, විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ ලාභයම බදුවලින් නිදහස් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසූ බව වාර්තා වේ.

බැංකුවලින් ණය ගන්නත් බැරුව භාගෙට හදලා නවත්තපු ගෙවල් හදන්න මේ අයට සහන ණයක් - නිවාස ඇමති කියයි

බැංකුවලින් ණය ගන්නත් බැරුව භාගෙට හදලා නවත්තපු ගෙවල් හදන්න මේ අයට සහන ණයක් - නිවාස ඇමති කියයි

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි