ජනපති අනුර ඇමරිකාවට හා ජපානයට සංචාරයක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බරයේ ඇමෙරිකාවේ සහ ජපානයේ සංචාරයක නිරත වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම ජනාධිපතිවරයාගේ ඇමරිකා සංචාරයේ ප්‍රධාන අරමුණයි.

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

ජනාධිපතිවරයා සැප්තැම්බර් 23 වැනිදා එක්සත් ජනපදය බලා පිටත්ව යන අතර 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

එහිදී ජනාධිපතිවරයා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ජනාධිපතිවරයා ලෝක නායකයන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වැනිදා නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත.

ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ජපාන සංචාරයේ නිරත වෙයි.

ජනාධිපති අනුර දිසානායක මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සමඟ සැප්තැම්බර් 29 වැනිදා සාකච්ඡා පවත්වන අතර 30 වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතය.

ජනාධිපතිවරයා ජපන් රජය සමග පවත්වන සාකච්ඡා වලදී ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ 2025 එස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වන අතර එහි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දින සැමරුමටද එක් වනු ඇත.

එම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක, ව්‍යාපාරය, වෙළෙඳ සහ ආයෝජන යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගී වෙති.

මීට අමතරව ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවද හමුවීමට නියමිතය.