පොහොට්ටුවේ "පොහොට්ටුව" ගැළවෙයි?.. ජයග්‍රහණය වෙනුවෙන් මොකක්ද කරන්න යන්නේ?..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවත් ය.
ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයින් සඳහා වන සම්මුඛ පරීක්ෂණ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණ.
මෙම අවස්ථාවට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියේ ය.