විශ්වවිද්‍යාල සිසුන්ට ආයේ හොස්ටල් කරදර නෑ - නව නේවාසිකාගාර ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශ මාලාවක්

Report

අද (08) දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට 2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1500ක් සහ දැනට පවතින නේවාසිකාගාර පිළිසකර කර නවීකරණය කිරීමට රුපියල් මිලියන 853ක් වෙන් කර ඇති බවයි.

ඒ අනුව සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඉගෙනුම ලබන 150,815ක් වන සිසුන් අතුරින් දැනට නේවාසිකාගාර පහසුකම් සපයා ඇත්තේ සිසුන් 63,318 කට පමණක් බවත්, එය ප්‍රතිශතයක් වශයෙන් 42%ක් වන බවත් පෙන්වා දුන් ඇය, පවතින නේවාසිකාගාර ගැටලුවට විසඳුම් ලබාදීමට රජය ගෙන ඇති ඉදිරි පියවරයන් මෙහිදී අනාවරණය කළා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) යටතේ පවතින විශ්වවිද්‍යාල 17ට අමතරව වෙනත් ආයතන යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය විශ්වවිද්‍යාල 5ක් පිහිටා ඇති අතර එම විශ්වවිද්‍යාලයන්හි නේවාසිකාගාර පහසුකම් බෙදී ඇති ආකාරය පිළිබඳව ද අගමැතිනිය මෙහිදී කරුණු දැක්වුවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

ඒ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සමස්ත ශිෂ්‍යයන් 465 දෙනාටම නේවාසික පහසුකම් සපයා ඇති බව සඳහන් කරමින්.

එසේම ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ සමස්ත සිසුන් 551 දෙනාගෙන් (දේශීය සිසුන් 475 සහ විදේශීය සිසුන් 76) 442 කට නේවාසික පහසුකම් හිමිව තිබෙන අතර, දේශීය සිසුන්ගෙන් 80%කට සහ විදේශීය සිසුන් 100%ටම නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇති බව පැවසුවා.

කෙසේ වුවද සිසුන් 1,516ක් ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ නේවාසික පහසුකම් ලැබී ඇත්තේ සිසුන් 196 කට පමණක් (12.92%) වන අතර, ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් 8,218 දෙනාගෙන් පහසුකම් ලබා ඇත්තේ 406 දෙනෙකු (4.94%) පමණක් වේ.

එමෙන්ම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) සිසුන් 4,348 දෙනාගෙන් නේවාසික පහසුකම් හිමිව ඇත්තේ සිසුන් 332 කට පමණක් (7.6%) වන අතර, එම පහසුකම ද කාන්තා ශිෂ්‍යාවන්ට පමණක් සීමා වී පිරිමි සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් ලබා දී නොමැති බවද ඇය පෙන්වා දුන්නා.

ලබන වසරේ සිට පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දැවැන්ත වෙනසක් - ජාතික ප්‍රමිති හඳුන්වාදීමේ වැඩපිළිවෙළක්

ලබන වසරේ සිට පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දැවැන්ත වෙනසක් - ජාතික ප්‍රමිති හඳුන්වාදීමේ වැඩපිළිවෙළක්

එසේම එහිදී මෙතෙක් කාලයක් විශ්වවිද්‍යාල සිසුන් සඳහා විධිමත් නේවාසිකාගාර ප්‍රතිපත්තියක් නොතිබූ බැවින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඔස්සේ විනිවිදභාවයෙන් යුත්, ආරක්ෂිත, සාධාරණ සහ සියලු දෙනා අන්තර්ග්‍රහණය කරගත හැකි නව නේවාසිකාගාර ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.

ඊට අමතරව, පෞද්ගලික නේවාසිකාගාරවල සිටින සිසුන්ගේ පහසුකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට නියාමන මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමටද කටයුතු යොදා තිබෙන අතර අනාගත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කරුණු දක්වමින් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සිසුන් 1,600කට නේවාසික පහසුකම් සැපයිය හැකි ලෙස සාගර විශ්වවිද්‍යාලය නව පරිශ්‍රයකට ගෙන යාමට වන අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමැතියට ඉදිරිපත් කර තිබෙන බවයි.

එසේම, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පිරිමි සිසුන් 600 දෙනෙකු සඳහා නේවාසිකාගාර, නවීන දේශන ශාලා සහ ආසන 300කින් යුත් ආපනශාලාවක් සහිත බහුමහල් සංකීර්ණයක් පර්චස් 80ක ඉඩමක ඉදිකිරීමට නියමිත අතර, 2027-2029 කාල සීමාව තුළ දේශීය අරමුදල් යටතේ එය ක්‍රියාත්මක කිරීමට වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. 

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි