ලබන වසරේ සිට පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දැවැන්ත වෙනසක් - ජාතික ප්‍රමිති හඳුන්වාදීමේ වැඩපිළිවෙළක්

Report

2027 වසර මුල් ළමාවිය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වසරක් බවට පත්වනු ඇති බවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ 2027 වසරට අදාළ නව ඉලක්ක සමාලෝචනය කිරීම සඳහා අද (08) දින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යාංශයට අනුබද්ධ සියලු ආයතනවල 2026 වසරේ මේ දක්වා ප්‍රගතිය සහ 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

ඒ අනුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සඳහන් කළේ 2027 වසරේ මුල් භාගය තුළ පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

එසේම මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව එම කටයුතු සිදුකරන බවද සඳහන්.

එයට සමගාමීව පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වෙනුවෙන් ජාතික ප්‍රමිති හඳුන්වාදීමේ වැඩපිළිවෙළක්ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කර ඇත.

හදිසි වෙනසක්.. ශිරන්තිව පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකිරීමට තීරණයක් - හෙට ජාතික අක්ෂි රෝහලට

හදිසි වෙනසක්.. ශිරන්තිව පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකිරීමට තීරණයක් - හෙට ජාතික අක්ෂි රෝහලට

එමෙන්ම Clean Sri Lanka සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව මෙම වසරේ ආරම්භ කළ පෙර පාසල් දරුවන්ගේ චර්යාත්මක සංවර්ධනය සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ 'Step-Up' ව්‍යාපෘතියේ මීළඟ අදියරද එළඹෙන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.

තවද ඇය කියා ඇත්තේ ඉකුත් 2025 වසරේදී මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව හඳුන්වාදීමත් සමඟ ආරම්භ කළ මුල් ළමාවිය ක්ෂේත්‍රය විධිමත් අධ්‍යාපන අවධියක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ලබන වසරේදී කූටප්‍රාප්තියට ළඟාවනු ඇති බවයි.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි